සිහිනය
නැවුම් සුවඳින් පුරවමින් හද
නැවුම් මල් වැසි වස්සනා
නෙතෙහි ගැලු රන් රසඳුනක් විය
නෙතෙහි පිණි බිඳු තවරණා
අඳුර බිඳ ලන විදුලියක් ලෙද
අඳුරු දිවි මග හැඩ ලනා
සිනහ වපුරා සිත් කෙතෙහි නුඹ
සිනහ මල් පෙති පුබුදනා
තරු නෙතින් නිති වදන් ගොනු විය
තරු දෙනෙත් යුග බබලනා
සුවඳ මුව රද ගලන මුව අග
සොඳුරු කවියක සුව දෙනා
සැලෙන සිතිවිලි දැහැන බිඳ ලන
සැලෙන හදවත සනසනා
විපුල තුනු සිරි නෙතග පායා
විපුල හැඟුමන් පුබුදිනා
යතාර්ථය
පිපුණ සඳ කත් දියෙහි පිණි ලෙද
පිපුණු පැතුමන් බොඳ වෙනා
මිරිඟු කුසුමක සුවඳ රොන් ලෙද
මිරිඟුවකි නුඹ සැඟවෙනා
පැතුම් පොදි බැඳ අහස් දුර හිඳ
සිතුම් කැටි වී නවතිනා
තැලී පොඩි වුණ දැහැන බොඳ විය
තැලී සිත් මල පර වුණා......
නැවුම් සුවඳින් පුරවමින් හද
නැවුම් මල් වැසි වස්සනා
නෙතෙහි ගැලු රන් රසඳුනක් විය
නෙතෙහි පිණි බිඳු තවරණා
අඳුර බිඳ ලන විදුලියක් ලෙද
අඳුරු දිවි මග හැඩ ලනා
සිනහ වපුරා සිත් කෙතෙහි නුඹ
සිනහ මල් පෙති පුබුදනා
තරු නෙතින් නිති වදන් ගොනු විය
තරු දෙනෙත් යුග බබලනා
සුවඳ මුව රද ගලන මුව අග
සොඳුරු කවියක සුව දෙනා
සැලෙන සිතිවිලි දැහැන බිඳ ලන
සැලෙන හදවත සනසනා
විපුල තුනු සිරි නෙතග පායා
විපුල හැඟුමන් පුබුදිනා
යතාර්ථය
පිපුණ සඳ කත් දියෙහි පිණි ලෙද
පිපුණු පැතුමන් බොඳ වෙනා
මිරිඟු කුසුමක සුවඳ රොන් ලෙද
මිරිඟුවකි නුඹ සැඟවෙනා
පැතුම් පොදි බැඳ අහස් දුර හිඳ
සිතුම් කැටි වී නවතිනා
තැලී පොඩි වුණ දැහැන බොඳ විය
තැලී සිත් මල පර වුණා......
හුටා...
ReplyDeleteයථාව සහ ෆැන්ටසිය අතර අතර මං නොවෙන්..
යථාවක් ෆැන්ටසසියත් කුමක්ද කියල හදුනාගෙන වැඩ කරන්
දැන් ඒක හඳුනා ගන්න පුලුවන් තරමට දියුණුයි. ඒකනෙ මේ තේරුම් ගත්තු කවි ලියන්නෙ...
Deleteහරිම රහයි... අජිනොමොටෝ එහෙම දැම්මෙ නෑ නොවැ?
ReplyDelete
Deleteඅපෝ අපි ගාව නෑනෙ ඔය පිළිකා කාරක.
හරිම රහයි...:D
ReplyDeleteටිකක් තිත්ත වැඩියි වගේ මට නම්
Deleteනියමයි.. ආයේ කියන්න දෙයක් නෑ..
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteලස්සන තාලයක් එක්ක පට්ටම රහ ලියමනක්,
ReplyDeleteසිහින නම් දකින්නට හැක නේක පාටට සිත මතම දළු ලනා
ගුලිව ඉන්නට සිත් දෙනා කල කුමට නෙත් හැර බලමිනා
නෙත් හැරුණු විට මහමෙරකි සඳ සිත් සතන් ටික අළු ලනා
බොඳව යනකල සිහින අතරින් යතාර්තය නොවැ මතු වනා
සිහින අතරින් බොඳ වෙලා ගිය යථා බව යලි සිහි වුණා
Deleteපුංචි කවියක ඒ සිහින වල කඳුලු බිඳු ටික දිය වුණා
මට නං එච්චර ඇල්ලුවේ නැහැ..
ReplyDeleteඒ මොකද අප්පා??
Delete//සුවඳ-
ReplyDeleteසොඳුරු//
විතරයි ගලපගන්න බැරි උනේ නේද..? :D
පද ගැලපීමයි.. පද ටික ගැලපෙන කොට අදහස කැලේ යන්නේ නැති වීමයි කියන කාරණා දෙක උඩ මේක බොහෝම අපූරුයි...
හරියට හරි. දෙකටම සොඳුරු දාන්නත් බෑ, සුවඳ දාන්නත් බෑ.
Deleteමම කල්පනා කළා... මගෙ බ්ලොග් එකනෙ, සාහිත්‍ය තරඟයක් යැ.... මගෙ බ්ලොග් එකේ මට ඕන විදියට ලියනව කියල
චී ලංකා ජනරජයේ මුලට ඇති සමාජවාදී කීයන කොටස නිසා බ්ලොග් යනු චී ලංකා භූමිය තුලදී තමාට පුද්ගලික හිමිකමක් තබා ගැනීමට අවසර නැති කාණ්ඩයේ දෙයක් වන අතර.. ඒ යටතේ මෙහි ලියන කියන දේ තමාට අවශ්‍ය පරිදි කිරීමට කිසිදු අවසරයක් නොමැති බවත් මෙයින් දන්වා සිටිමි. :P
Deleteතැලී පොඩි වුණ දැහැන බොඳ විය
ReplyDeleteතැලී සිත් මල පර වුණා.....
මේ අවසානයට නම් මම හරිම කැමතියි . excellent (Y)
ස්තූතියි පවුලූශා
Delete