Sunday, January 31, 2016

සමු ගෙන යන්නෙමි

කින්නරාවිය වීය නුඹ , ගිනි සැරෙන් මා හද සිදුරු වූ දා 
සෙනෙහසින් මා නොහැර ‍රැඳුනා , කඳුලැලින් මහ සයුර හඬවා
මුව අගින් වා ගැබට මුසු වූ, සුසුම් හඬ මා සිතෙහි රඳවා
බෝ දුකින් මේ ගමන මම යමි , අනේ නුඹෙ රුව නෙතේ හංගා

ලොවට රහසින් සිතක ලියු පෙම් , කවක් ලොව ඉදිරියේ හඬවා
අපේ මැදුරෙන් නික්ම යන්නම්, සොඳුරියේ නොහඬන්න කිසිදා
කාලයේ වේගයට පැරදුන, අපේ ජීවන ගමන හැර දා
යන්න දෙනු මැන ඉතින් මා හට , සිතින් මා අත නොහැර රන්දා

මලට මත් බමරුන් ඇදේවිද, මලෙහි රොන් සුනු සුවඳ දැනිලා
කුමක් කරමිද, කුමරියේ මම, ඉවත බලනෙමි නොදු‍ටු විලසා
මගේ සියොළඟ දැනෙන නුඹෙ ප්‍රේමයේ අබිසෙස් සිතේ බන්දා
පුංචි පුතු ‍රැකගන්න සොඳුරිය, නෙතේ අද්දර තබා සැමදා



13 comments:

  1. වා..ව්...
    සමීප අත්දැකීමක් වගෙයි..
    ලංකාවෙ ගොඩක් සෙබළ පවුල් වල කතාව..

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අත්දැකීමක් මට නැතත් , මේ එක්තරා කාලයකදී අපේ රටේ සුලබ සිදුවීමක්නෙ. නේද?

      Delete
  2. හිතට දැනුන කවියක් අක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මල්ලි

      Delete
  3. වෙනදා වගේම ලස්සනයි අක්කේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      Delete
  4. මේ කොහෙ යන්නද?
    ඉන්න ඔය ඉන්න තැනකට වෙලා.

    අපේ පවුලෙත් ඔය වගේ අත්දැකීම් කිහිපයක්ම ඇත. ඒ ගැන කතා කිරීමටද අකමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. අනේ කොහේ යන්නද මම . ඉන්නවා මිසක් ඉන්න තැනකට වෙලා. :D

      ඒ වගේ අත්දකීම් කතා නොකරන තරමට හිතට හොඳයි මම හිතන්නේ.

      Delete
  5. කුමක් කරමුද ජීවිතය ඒ ආකාර නම්..

    ReplyDelete
  6. මලක් වී පිපුණේ මා ඔබට පමණක් අයිති වන්නට
    ඉතින් කුමටද තවත් බමරුන් රැගුවත් මා අවට වටපිට .

    ReplyDelete
  7. බොහොම ලස්සනයි සහ සංවේදී..

    ReplyDelete