කින්නරාවිය වීය නුඹ , ගිනි සැරෙන් මා හද සිදුරු වූ දා
සෙනෙහසින් මා නොහැර රැඳුනා , කඳුලැලින් මහ සයුර හඬවා
මුව අගින් වා ගැබට මුසු වූ, සුසුම් හඬ මා සිතෙහි රඳවා
බෝ දුකින් මේ ගමන මම යමි , අනේ නුඹෙ රුව නෙතේ හංගා
ලොවට රහසින් සිතක ලියු පෙම් , කවක් ලොව ඉදිරියේ හඬවා
අපේ මැදුරෙන් නික්ම යන්නම්, සොඳුරියේ නොහඬන්න කිසිදා
කාලයේ වේගයට පැරදුන, අපේ ජීවන ගමන හැර දා
යන්න දෙනු මැන ඉතින් මා හට , සිතින් මා අත නොහැර රන්දා
මලට මත් බමරුන් ඇදේවිද, මලෙහි රොන් සුනු සුවඳ දැනිලා
කුමක් කරමිද, කුමරියේ මම, ඉවත බලනෙමි නොදුටු විලසා
මගේ සියොළඟ දැනෙන නුඹෙ ප්‍රේමයේ අබිසෙස් සිතේ බන්දා
පුංචි පුතු රැකගන්න සොඳුරිය, නෙතේ අද්දර තබා සැමදා

වා..ව්...
ReplyDeleteසමීප අත්දැකීමක් වගෙයි..
ලංකාවෙ ගොඩක් සෙබළ පවුල් වල කතාව..
පෞද්ගලික අත්දැකීමක් මට නැතත් , මේ එක්තරා කාලයකදී අපේ රටේ සුලබ සිදුවීමක්නෙ. නේද?
Deleteමහා දුකක්.........
ReplyDeleteඇත්තටම............
Deleteහිතට දැනුන කවියක් අක්කේ.
ReplyDeleteස්තුත්යි මල්ලි
Deleteවෙනදා වගේම ලස්සනයි අක්කේ.....
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteමේ කොහෙ යන්නද?
ReplyDeleteඉන්න ඔය ඉන්න තැනකට වෙලා.
අපේ පවුලෙත් ඔය වගේ අත්දැකීම් කිහිපයක්ම ඇත. ඒ ගැන කතා කිරීමටද අකමැත්තෙමි.
අනේ කොහේ යන්නද මම . ඉන්නවා මිසක් ඉන්න තැනකට වෙලා. :D
Deleteඒ වගේ අත්දකීම් කතා නොකරන තරමට හිතට හොඳයි මම හිතන්නේ.
කුමක් කරමුද ජීවිතය ඒ ආකාර නම්..
ReplyDeleteමලක් වී පිපුණේ මා ඔබට පමණක් අයිති වන්නට
ReplyDeleteඉතින් කුමටද තවත් බමරුන් රැගුවත් මා අවට වටපිට .
බොහොම ලස්සනයි සහ සංවේදී..
ReplyDelete