හද වෙණ රැඟූ සත්සර තානම මැද්දෙන්
නුඹෙ සිනහව දිලුණි බිඟු ඇහැරිණි නින්දෙන්
සීතල දුරුත්තෙහි වැටි පිණි කැට අස්සෙන්
නුඹෙ නෙත් අත නෑර අල්වා ගමි රහසෙන්
හද විල සෙනෙහෙ දිය රැළි කැලඹෙන සරයෙන්
සිත වට රඟන නුඹෙ ඔය හසරැලි සද්දෙන්
අරලිය මලක පියවිලි බඳු මුදු සුවඳෙන්
තුන් සිත ඇහරිලා මුලු මැදියම නින්දෙන්
ගිනි ගත් හදට සිහිළඹ සුව ගෙනෙන ලෙසින්
දිවි ගංගාව මා හා පැද යන්න නිතින්
මගෙ සෙනෙහසට සැමදා ආදරෙන් බැතින්
හද වෙත එන්න, මේ දුක් මට බරයි ඉතින්

නුඹෙ සිනහව දිලුණි බිඟු ඇහැරිණි නින්දෙන්
සීතල දුරුත්තෙහි වැටි පිණි කැට අස්සෙන්
නුඹෙ නෙත් අත නෑර අල්වා ගමි රහසෙන්
හද විල සෙනෙහෙ දිය රැළි කැලඹෙන සරයෙන්
සිත වට රඟන නුඹෙ ඔය හසරැලි සද්දෙන්
අරලිය මලක පියවිලි බඳු මුදු සුවඳෙන්
තුන් සිත ඇහරිලා මුලු මැදියම නින්දෙන්
ගිනි ගත් හදට සිහිළඹ සුව ගෙනෙන ලෙසින්
දිවි ගංගාව මා හා පැද යන්න නිතින්
මගෙ සෙනෙහසට සැමදා ආදරෙන් බැතින්
හද වෙත එන්න, මේ දුක් මට බරයි ඉතින්

සිදු
ReplyDeleteඅන්තිම කවිය පිංතූරෙ හිංද සෙපරේට් වෙලා ඩිවෝස්ම වෙලාද කොහෙද ඒක හදන්ට පුලුවන් නං
කවියකට වඩා ගීතයක් වගේ අපූරුයි
ජයවේවා
This comment has been removed by the author.
Deleteඅනේ මට පේන්නෙ නෑනෙ. මට හරියට පේනවනෙ. ෆෝන් එකෙන් ලිවුවෙ සහ අප්ලෝඩ් කලේ. ලැප් එකෙන් ලොග් වුන ගමන්ම හදන්නම් ඒක.
Deleteස්තූතියි
රූපය වැටිලා තියෙන තැනේ අවුලක් තියෙනවා..... කවිය නං සුපිරියි........
ReplyDeleteඅනේ මේ ෆෝන් එකට පිස්සු හැදිලා. හදන්නම් ඒක ඉක්මනින්
Deleteස්තූතියි
Doc, Take some pain killer..(just kidding)..good one.
ReplyDeleteWill that do ?? ;-)
Deleteමේ කවියෙ ගණ පිහිටීමෙ වැරැද්දක් තියනවා. පෞද්ගලිකව විමසන්න. කවි ලියන්න කියා දෙන්නම්.( කලින් post එකේ මට මඩ ගැසීම නිසා ලියන ලද්දකි. මීට නංගි බබා)
ReplyDeleteගණ පිහිටීම ?? කියන්නම්කො ඒ ගැන පෞද්ගලිකව හම්බුනාම. මේ අහිංසක මුණ දැක්කම ගැලපෙන්නේ නැද්ද ඒ කවිය ? මම කිවුවේ පින්තුරේ මුණ
Deleteලස්සනයි අක්කේ.
ReplyDeleteදුක බර වැඩි උනත් ඉවසන් ඉන්න වෙනවනේ ඉතින්.
හ්ම්... ඒ ඉවසපු කාලෙ ඉවරයි ද කොහෙද..... ! :P
Deleteසුදු අරලිය මලක් වගේ පියකරුව සොඳින්
ReplyDeleteපිපුණා නුඹ හද උයනේ හැඩට රුවින්
අමතක කර යන්නේ මම කොහොම ඉතින්
දිව එමි මමත් ඉඩ ලද විට ඇසුරු සැනින්
ඉඩ ලද විටදි දිව ආවත් අසුරු සැනින්
Deleteකාලය පියසලයි , නුඹටත් වඩා දුරින්
රුව ගුණ මැකී අරලිය මල පරව ගිහින්
මතකය පමණි ඉතිරිව ඇත, දුටුව රුවින්
ගොඩක් ලස්සනයි අක්කේ...
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteමම නම් කැමතියි මේ කි පෙලට. කපුගේගෙ හැඳින් ගයන්නත් පුළුවන් වගේ.
ReplyDelete