මේ දුක් බර වැඩියි ඉතින්

හද වෙණ රැඟූ සත්සර තානම මැද්දෙන්
නුඹෙ සිනහව දිලුණි බිඟු ඇහැරිණි නින්දෙන්
සීතල දුරුත්තෙහි වැටි පිණි කැට අස්සෙන්
නුඹෙ නෙත් අත නෑර අල්වා ගමි රහසෙන්


හද විල සෙනෙහෙ දිය රැළි කැලඹෙන සරයෙන්
සිත වට රඟන නුඹෙ ඔය හසරැලි සද්දෙන්
අරලිය මලක පියවිලි බඳු මුදු සුවඳෙන්
තුන් සිත ඇහරිලා මුලු මැදියම නින්දෙන්


ගිනි ගත් හදට සිහිළඹ සුව ගෙනෙන ලෙසින්
දිවි ගංගාව මා හා පැද යන්න නිතින්
මගෙ සෙනෙහසට සැමදා ආදරෙන් බැතින්
හද වෙත එන්න, මේ දුක් මට බරයි ඉතින්














Comments

  1. සිදු
    අන්තිම කවිය පිංතූරෙ හිංද සෙපරේට් වෙලා ඩිවෝස්ම වෙලාද කොහෙද ඒක හදන්ට පුලුවන් නං
    කවියකට වඩා ගීතයක් වගේ අපූරුයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේ මට පේන්නෙ නෑනෙ. මට හරියට පේනවනෙ. ෆෝන් එකෙන් ලිවුවෙ සහ අප්ලෝඩ් කලේ. ලැප් එකෙන් ලොග් වුන ගමන්ම හදන්නම් ඒක.
      ස්තූතියි

      Delete
  2. රූපය වැටිලා තියෙන තැනේ අවුලක් තියෙනවා..... කවිය නං සුපිරියි........

    ReplyDelete
    Replies
    1. අනේ මේ ෆෝන් එකට පිස්සු හැදිලා. හදන්නම් ඒක ඉක්මනින්
      ස්තූතියි

      Delete
  3. Doc, Take some pain killer..(just kidding)..good one.

    ReplyDelete
  4. මේ කවියෙ ගණ පිහිටීමෙ වැ‍රැද්දක් තියනවා. පෞද්ගලිකව විමසන්න. කවි ලියන්න කියා දෙන්නම්.( කලින් post එකේ මට මඩ ගැසීම නිසා ලියන ලද්දකි. මීට නංගි බබා)

    ReplyDelete
    Replies
    1. ගණ පිහිටීම ?? කියන්නම්කො ඒ ගැන පෞද්ගලිකව හම්බුනාම. මේ අහිංසක මුණ දැක්කම ගැලපෙන්නේ නැද්ද ඒ කවිය ? මම කිවුවේ පින්තුරේ මුණ

      Delete
  5. ලස්සනයි අක්කේ.
    දුක බර වැඩි උනත් ඉවසන් ඉන්න වෙනවනේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒ ඉවසපු කාලෙ ඉවරයි ද කොහෙද..... ! :P

      Delete
  6. සුදු අරලිය මලක් වගේ පියකරුව සොඳින්
    පිපුණා නුඹ හද උයනේ හැඩට රුවින්
    අමතක කර යන්නේ මම කොහොම ඉතින්
    දිව එමි මමත් ඉඩ ලද විට ඇසුරු සැනින්

    ReplyDelete
    Replies
    1. ඉඩ ලද විටදි දිව ආවත් අසුරු සැනින්
      කාලය පියසලයි , නුඹටත් වඩා දුරින්
      රුව ගුණ මැකී අරලිය මල පරව ගිහින්
      මතකය පමණි ඉතිරිව ඇත, දුටුව රුවින්

      Delete
  7. ගොඩක් ලස්සනයි අක්කේ...

    ReplyDelete
  8. මම නම් කැමතියි මේ කි පෙලට. කපුගේගෙ හැඳින් ගයන්නත් පුළුවන් වගේ.

    ReplyDelete

Post a Comment