පමා වූ සටහන - අයිලීන් සිරිවර්ධන නම් වූ ඇය

දැන් වගේ හිතෙන හිතෙන  වෙලාවට, දකින දකින වෙලාවට පොත ගන්න පුලුවන් කමක් තිබුනෙ නැති කාලයක් තිබුණා. ඒත් ඒ කාලෙ තමයි දැනටත් වඩා පොත් කියවන්න ආසාව තිබුණෙ.
වෙන්නප්පුවෙ පුස්තකාලෙම තිබුණ පොත් ටික කියවලා ඉවර කරලා තිබුණෙ මම ගොඩක් පුංචි කාලෙම.

ඒ අතරින් අවුරුදු 10ක් 11ක් වෙද්දී මම කියවපු පොතක් තිබුණා ....
ඒකෙ නම "ජිනාදරී". වර්තමානයේ ලියවෙන ගනයේ ආදර කතාවක් නොවුනත්, ආදරය තේමා කරගත්තු එම කුඩා නව කතාවත් අයිලින් සිරිවර්ධන නම් වූ එහි ලේඛිකාව ගේ නමත් මගේ මතකයේ ඉතා ගැඹුරින් තැම්පත් වුනා. ඒ බොහෝ විට එය මා විසින් මුලින්ම කියවන ලද  ආදරය පිලිබඳව වූ  නවකතාව නිසා වෙන්නට ඇති.

පාසලේ 9, 10 වසර වලට එන විට පාසල් පුස්තකාලයෙත් පදිංචි වී සිටීමට මා පුරුදු වී තිබුණා. ඉතා විශාල පොත් ප්‍රමානයකට හිමි කම් කිවූ අප පුස්තකාලය , පාසල ආරම්භයේ පටන්ම තියෙන්නට ඇති. මක් නිසාද යත්, චන්ද්‍රයාගේ ගස් ඇති බවත්, අඟහරු වල මිනිසුන් ඇති බවත් සටහන් වූ පොතකුත් එහි තිබී මට වරෙක හමු වුණා

එක් දිනක පුස්තකාය පීර පොත් සොයන විට මට එක පුංචි පොතක් හමු වුණා . " white flowers for the dead" පොතේ නම. ඒකෙ රචිකාවියගෙ නම විදියට සඳහන් වෙලා තිබුනෙත්  අයිලීන් සිරිවර්දන කියන නම.

එතරම් විශාල නොවූ ,කලු පාට පසු බිමක සුදු පාට කුඩා අකුරු වලින් නම සටහන් කළ ඒ පොත බැලූ බැල්මට එතරම් සිත් ඇදගන්නා සුළු වූයේ නැහැ. නමුත් එහි නම "white flowers for the dead" සහ එහි රචිකාවිය මා එතරම් ඇලුම් කළ ජිනාදරී ලියූ අයිලින් සිරිවර්ධන වීම එය දිගින් දිගටම කියවන්නට මගෙ සිතට බල කළා.

සරත් නම් වෛද්‍යවරයකු පිළිබඳ කතාවක් වූ එය තුන් ඈදුතු නව කතාවක තුන් වැන්න. එය කියවීමෙන් පසුව කොතරම් හිතට දැනුණාදැයි කිවහොත් එහි මුල් පොත් දෙකත් සොයාගෙන කියවන්නට මගේ සිත උත්සුක වුණා. ඒ  On perilous sea සහ Another dawn was breaking .

අහසින් පොළොවට, වෙරලින් සයුරට සහ කතරින් එතෙරට ලෙසින් ඈ විසින්ම සිහලෙන් රචනා කර ඇත්තේ එම නව කතා ත්‍රිත්වයමයි.

ඒ අතරින්  "අහසින් පොළොවට" 1978 වර්ශයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් , සිනමාවට නගන්නට යෙදුණු අතර එය කයිරෝ ජාත්‍යන්තර චිත්‍ර පට සම්මාන උලෙලේදී සංවර්ධාය වෙමින් රට වල උසස්ම සිනමා නිර්මාණය වශයෙන් ඇක්නේටන් සම්මානය හිමි කර ගනු ලැබුවා.


එතනින් නොනැවතුණ මා, ඉන් අනතුරුව නැවතුනෙ ඈ විසින් රචිත සියලුම පොත් කියවා අවසන් කිරීමෙන් අනතුරුවයි.

බලන් හරිමි කඩතුරාව නව කතා ත්‍රිත්වය මා ප්‍රිය කළ ඇගේ වෙනත් කතා අතරින් එකක්. ඒ සඳහා ඈ හට ඩී ආර් විජේවර්ධන සම්මානයද හිමි වුණා.

ක්ෂේම භූමි1, 2, 3, වාසනාවන්තයෝ ඇයගේ තවත් නිර්මාණ කිහිපයක්.

ඇය විසින් ඒවා රචනා කරණු ලැබුවේ මීට වසර විස්ස්කට තිහකටත් එහා කාලයකදී වුවත්,ඒ සියලුම කතාවන්හි සාරාංශය අදටත් වලංගුයි.ඈ කාන්තාවක් නිසාමදෝ නිරන්තරයෙන් පිරිමින් අතින් අසාධාරනයට ලක් වන  කාන්තාවක් ඇගේ නවකතා තුළ නිතරම හමු වුණා. ස්ත්‍රීත්වය පිළිබඳව ඇති වන සානුකම්පිත බව මෙන්ම ඒ තුළ ඇති නොසැලෙන දරා ගැනීමේ හැකියාවද එම කතා තුළින් ඇය මනාව පිළිඹිබු කර තිබුණා.

ඇගේ නව කතාවල එන ඇතැම් කාන්තා චරිත තුළින් ඇය තමාවම පිළිඹිබු කරන්නට උත්සහ කලාදැයි ඇතැම් විට මට සිතී තිබුණා. විසාකා විදුහලේ විදුහල් පතිනියක වූ ඇය සතුව තිබෙන්නට ඇතැයි මා අනුමාන කර සිටි කාන්තා පෞර්ශත්වය ඒ බොහෝ චරිත තුළ සැඟවී තිබීම මා හට එසේ සිතෙන්නට හේතුවයි.

ඇය පිළිබඳව මගේ මතකය නැවත අවදි වූයේ මීට මාස කිහිපයකට පෙර මගේ මිතුරෙකුගෙන් මට ලැබුණ දුරකතන ඇමතුමක් නිසයි.
"මම ඉන්නෙ ඔයා කැමතිම කෙනෙක් ඉස්සරහ, ඒත් දැන් එයා ඉන්න විදිය දැක්කොත් ඔයා විශ්වාස කරන 1ක් නෑ.......හොඳටම වයසයි, අසනීපයි"
කුමක් හෝ කරුණකට ඔහු ඇගේ නිවෙසට ගොස් තිබුණා. මගේ ප්‍රියතම ලාංකීය ලේඛිකාව ගේ කටහඬවත් ඒ වන විට අසා නොතිබූ මට ඒ වෙලේ පසුබිමින් ඇසුණ දුර්වල හඬ ඇගේ කට හඬ කියාවත් ඇදහීමට හැකි වූයේ නෑ. ඒ තරම්ම අභිමානවත් රූපයක් ඈ පිළිබඳව මගේ සිතේ මැවී තිබුණේ.

"මාව එක්කන් යන්න එයාව බලන්න..." මිතුරාගෙන් මා කළ ඉල්ලීම ඉ‍ටු කිරීමට ඔහුට අවකාශයක් ලැබුණේ නෑ. ඊට මාසයකට පමණ පසුව ඈ මෙලොව හැර ගොස් තිබුණා.

ඒ පිලිබඳව මා දැන ගත්තේද , වෙනත් මිතුරෙකු සමග ඇති වූ වෙනත් අහඹු කතා බහකදී.......

ඒ පිලිබඳව දැනගත් වහාම මා කළේ , ඇගේ මරණය පිලිබඳව මාධ්‍යයන්හි පළවූ වාර්තා පිළිබඳව සොයා බැලීම. එහෙත් පුවත් පත් වාර්තා කිහිපයක් ඇරෙන්නට හරි ආකාරව වූ සටහනක් මා හට සොයා ගැනීමට හැකි වූයේ නෑ.
කිසි දිනක fast and furious නොබැලූ අයත් Paul Walker මිය ගිය පසුව RIP Paul Walker ලෙසින් මුහුණු පොත පිරවූ ආකාරය ගැන මතක් වූ විට ඈ පිලිබඳව හිතට ආවේ මහත් කනගා‍ටුවක්.
අපේ ලේඛකයන් ගැන , අපේ කලා කරුවන් ගැන අපට ඇත්තේ ඉතාම අඩු වටිනා කමක්.......මින් පෙරත් මා ලියූ ලිපි දෙකක ඒ පිලිබඳව මා සටහන් කළා මතකයි.

වර්ග අඩි හතරක් පිළිබඳවම නොවේ
පොතක්, නිහතමානී සාහිත්‍යකරුවෙක් සහ මගේ පසුතැවීම......!

අයිලීන් සිරිවර්ධන නම් වූ ඒ සුවිශේෂී ලේඛිකාව පිළිබඳව මා තැබූ මෙම සටහන, ඉතා ප්‍රමාදයි, එසේම අසම්පූර්ණයි. ඔබට ඒ සඳහා එක් කළ හැකි යමක් ඇත් නම්, මේ ඒ සඳහා අවස්ථාවයි. 

Comments

  1. අයිලීන් සිරිවර්ධන හිරුණිගෙ ප්‍රින්සිපල් වෙලා හිටියා කාලයක්. හොඳම ලේඛිකාවක් වගේම හොඳම මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. The principal mentioned here is her. The link is YOU.

      YOU who finally played the trump card by making me see your Principal who was a very kind lady and a well renowned author who said “Hiruni came to meet me today Mr. Blogwalker,… and she wants me to tell you as her principal that she needs a brother to play with.” making me feel a lump in my throat,

      Delete
    2. මළසේක කිව්වලු....
      නඩුත් ගිහින් උසාවියෙත් ඉඳල, කුදුවටත් නැගලද එහෙනම් වැඩේ සිද්ද උනේ? සිරාවට අදහන්න වටිනා කෙල්ලෙක්ගෙ තාත්තෙක්නේ අප්පා

      Delete
    3. හිරුනි කියන්නේ නියම කෙල්ලෙක් කියලා හිතුණා. ඔව් ඉතින් ඩූඩ් ගේ දුවනේ .......

      Delete
  2. //"කිසි දිනක fast and furious නොබැලූ අයත් Paul Walker මිය ගිය පසුව RIP Paul Walker ලෙසින් මුහුණු පොත පිරවූ ආකාරය ගැන මතක් වූ විට ඈ පිලිබඳව හිතට ආවේ මහත් කනගා‍ටුවක්."// මේ හන කල්පනා කරන විට අපේ සමහර විශිස්ටයින් මියගියා කියලාවත් නොදන්නා කීදෙනෙක් ඉන්නවද කියන එක මතක් වුනා

    ReplyDelete
    Replies
    1. එයා ඉතින් ඉංගිරිස් වලින්නේ ලිව්වේ. මාර සේවයක්නේ ඒක !

      ඇත්තටම අපි අපි හිතන විදිය ගැනම ආයෙමත් හිතන්න ඕනේ නේද?

      Delete
    2. මම වැඩියෙන්ම සතුටු වෙන්නේ උඹ මැරිච්ච දවසට ..ඕ යේස්

      Delete

    3. උඹ ඔහොම කියනකොට මට හිතුනේ... 'උඹ තනිවෙලා නැහැ ලව් පූසෝ...!'

      Delete
    4. ඔන්න ඔහේ දෙන්නම ජීවත් වෙලා ඉන්න. අපිටමනෙ කරදර දෙන්නම මැරුනොත්

      Delete
    5. //සමහර විශිස්ටයින් මියගියා කියලාවත් නොදන්නා කීදෙනෙක් ඉන්නවද කියන එක මතක් වුනා.//

      ඕකෙම අනෙක් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා.මේ ඊයේ පෙරේදා ඇන්ටන් ජෝන්ස් මිය ගිහින් කියලා මැසේජ් එක ආපු වෙලේ මට එහා පැත්තේ හිටිය එකෙක් කියනවා "මම හිතං හිටියේ ඒ මනුස්සයා මැරිලා ගොඩක් කල් කියලා" හිටං.

      Delete
  3. අනගි සටහනක්.මාත් ඇයගේ අහසින් පොළවට හා සයුරෙන් වෙරළට නව කතා රසවිදලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ගිම්හානි.

      Delete
    2. මම ගොඩක් පහුවෙලා මේක දැක්කෙ, එතුමියගේ පොත් හොයනවා ගන්න කොහේවත් නෑ.එතකොටයි මේ සටහන දැක්කේ, ස්තූතියි මෙහෙම ලියනවට, දැන් මේ පොත් හොයාගන්න නෑ 😢

      Delete
  4. කරුණාසේන ජයලත්ගෙ පොත් ආශාවෙන් කියෙව්ව වගේ ඇයගේ පොතුත් කියෙව්වා මතකයි.. බොහෝ කලකට පෙර.. මේ ලිපියත් එක්ක ආයෙම ඒ පොත් ටික හොයාගෙන කියවන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මමත් හිතුව මගේ ලග නැති සේරම පොත් ටික මිලදී ගන්න. එත් බලන් හරිමි කඩතුරාව 1 , පොත් කඩවල නැති බවයි දැනගන්නට ලැබුනේ. ජිනාදරී ත් හමු වුනේ නෑ කොහෙදිවත්

      Delete
  5. බොහොම ස්තුතියි මේ ලිපිය වෙනුවෙන්

    ReplyDelete
  6. මගේ බිරිඳ Toronto පන්සලේදී අයිලීන් සිරිවර්ධන පිළිබඳ ගුණ කථනයක් පසුගිය සතියේ කලා

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ නැති කරුණු තිබෙනවා නම් එකතු කරන්න කමෙන්ට් එකක් විදියට. ස්තුතියි.

      Delete
  7. හයේ පන්තියේදී පොත් ගෙදර ගෙනියන්ඩ දෙන්ඩ කියලා අපි පුස්තකාලේ ටිචගෙන් බැණුම් ඇහුව.

    ReplyDelete
  8. මේ පොත් ගන්න තැනක් හෝ විදියක් දන්නවා නම් කියන්න

    ReplyDelete

Post a Comment