අවසරයි

සසර සයුරේ ඔහේ පාවුණ
ජීවිතේ ඔරුවෙහි ඉඳන්
සයුර සේ හෙළු කඳුලු වැල් සැම
නොදන්වා වියලී ගිහින්
නුඹේ සුවඳට වෙන්වු මතකය
නිමේශයකින් බොඳ කරම්
නුඹට යන්නට අවසරයි
පෙම්වතානෙනි අවසරයි

පිරුණ සයුරක් සොයා යනු මැන
රළු පරළු කුළු මුඳුන් රැලි නැති
සැඩ රැලිති මැද රැකෙනු නොහි නම්
සසර සයුරේ මුහුදු බත් වෙමි
නොබිඳි නොකැලැල් දිය රළක් ගෙන
සසරෙ සුපුරුදු සුවඳෙ සටහන
ලියා සයුරත පතුලෙ සඟවමි
යළිත් කිසිදා හමු නොවන්නට


Comments

  1. අප්පට සිරි..මෙන්න සුපිරි පැදි පෙළක්...

    ReplyDelete
  2. ලස්සනයි... මේං මේක මතක් කරවූ කවි පෙළක්..!!

    https://www.youtube.com/watch?v=d0yTQObAGc0

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි......... මමත් ආසා ගීතයක්.ඒ නිසාම මගේ ඔලුවේ ඒක තිබිලා මමත් නොදැනම මේ කවියටත් ඒ අභාසය එන්න ඇති කියල හිතෙනවා.

      Delete
    2. එහෙමත් වෙන්නැති.ඒත් මෙන්න මේ පද දෙක අර ගීයෙ පදවැල්වලටත් වඩා හිත සසල කරවන සුන්දර පද දෙකක්..!!

      සැඩ රැලිති මැද රැකෙනු නොහි නම්
      සසර සයුරේ මුහුදු බත් වෙමි

      Delete
  3. ලස්සන කවි ටික අක්කේ.

    ReplyDelete
  4. හැර යන්නට සිත් වන තරම් චණ්ඩ වුයේ
    කෙලෙස පෙම්බැඳි මුහුදු රළ?
    කැළඹුනා වත්ද හදවතින්
    මා නොකළ වරදකට?

    ReplyDelete
    Replies
    1. කළ නොකර වරද දැන දැන
      සයුර විමසත නොදරුවෙක් ලෙස
      හැර යන්න සිත් නොදෙන තරමට
      තව වරක් සිත බැදෙයි හිමිහිට

      Delete
  5. ලස්සන පැදි පෙළක්. ඒත් විරහ ගීයක්.
    අර "සසර සුපුරුදු සුවඳෙ සටහන" බෝතලේක දාමු, කාට හරි කවදක හරි හම්බෙන්න.

    ReplyDelete
  6. සසර සයුරේ දියබත් වී ඇති සෙයකි අපි සියල්ලෝම. විරහව වුනත් යතාර්ථය ඒකයි නේ

    ReplyDelete

Post a Comment