සසර සයුරේ ඔහේ පාවුණ
ජීවිතේ ඔරුවෙහි ඉඳන්
සයුර සේ හෙළු කඳුලු වැල් සැම
නොදන්වා වියලී ගිහින්
නුඹේ සුවඳට වෙන්වු මතකය
නිමේශයකින් බොඳ කරම්
නුඹට යන්නට අවසරයි
පෙම්වතානෙනි අවසරයි
ජීවිතේ ඔරුවෙහි ඉඳන්
සයුර සේ හෙළු කඳුලු වැල් සැම
නොදන්වා වියලී ගිහින්
නුඹේ සුවඳට වෙන්වු මතකය
නිමේශයකින් බොඳ කරම්
නුඹට යන්නට අවසරයි
පෙම්වතානෙනි අවසරයි
පිරුණ සයුරක් සොයා යනු මැන
රළු පරළු කුළු මුඳුන් රැලි නැති
සැඩ රැලිති මැද රැකෙනු නොහි නම්
සසර සයුරේ මුහුදු බත් වෙමි
නොබිඳි නොකැලැල් දිය රළක් ගෙන
සසරෙ සුපුරුදු සුවඳෙ සටහන
ලියා සයුරත පතුලෙ සඟවමි
යළිත් කිසිදා හමු නොවන්නට
රළු පරළු කුළු මුඳුන් රැලි නැති
සැඩ රැලිති මැද රැකෙනු නොහි නම්
සසර සයුරේ මුහුදු බත් වෙමි
නොබිඳි නොකැලැල් දිය රළක් ගෙන
සසරෙ සුපුරුදු සුවඳෙ සටහන
ලියා සයුරත පතුලෙ සඟවමි
යළිත් කිසිදා හමු නොවන්නට
අගෙයි
ReplyDelete:-) ස්තුතිය්
Deleteඅප්පට සිරි..මෙන්න සුපිරි පැදි පෙළක්...
ReplyDeleteහි හී... ස්තුතිය්
Deleteලස්සනයි... මේං මේක මතක් කරවූ කවි පෙළක්..!!
ReplyDeletehttps://www.youtube.com/watch?v=d0yTQObAGc0
++++++++++
Deleteඇත්තමයි......... මමත් ආසා ගීතයක්.ඒ නිසාම මගේ ඔලුවේ ඒක තිබිලා මමත් නොදැනම මේ කවියටත් ඒ අභාසය එන්න ඇති කියල හිතෙනවා.
Deleteඑහෙමත් වෙන්නැති.ඒත් මෙන්න මේ පද දෙක අර ගීයෙ පදවැල්වලටත් වඩා හිත සසල කරවන සුන්දර පද දෙකක්..!!
Deleteසැඩ රැලිති මැද රැකෙනු නොහි නම්
සසර සයුරේ මුහුදු බත් වෙමි
ලස්සන කවි ටික අක්කේ.
ReplyDeleteස්තුතිය් මල්ලි
Deleteහැර යන්නට සිත් වන තරම් චණ්ඩ වුයේ
ReplyDeleteකෙලෙස පෙම්බැඳි මුහුදු රළ?
කැළඹුනා වත්ද හදවතින්
මා නොකළ වරදකට?
කළ නොකර වරද දැන දැන
Deleteසයුර විමසත නොදරුවෙක් ලෙස
හැර යන්න සිත් නොදෙන තරමට
තව වරක් සිත බැදෙයි හිමිහිට
nice..
ReplyDeletethank you
Deleteela
ReplyDeleteලස්සන පැදි පෙළක්. ඒත් විරහ ගීයක්.
ReplyDeleteඅර "සසර සුපුරුදු සුවඳෙ සටහන" බෝතලේක දාමු, කාට හරි කවදක හරි හම්බෙන්න.
සසර සයුරේ දියබත් වී ඇති සෙයකි අපි සියල්ලෝම. විරහව වුනත් යතාර්ථය ඒකයි නේ
ReplyDelete